SHARE

සමහරු ඇයව දන්නේ “මායාවී” කිව්වම. තවත් සමහරු නම් ඈට කියන්නේ “නෑනා” කියලා. කවුරු කොහොම කිව්වත් ඇගේ ඇත්ත නම මධූෂා හේරත්. කවුරුත් දැකපු ගමන් හඳුනන මධූෂාගේ නොදන්නා විස්තර ටිකක් දැන ගන්නයි අපි මේ ඉඩ වෙන් කළේ.

නෑනා කියන්නද, මායාවී කියන්නද?
මාව හැමෝම දන්නේ නම් ඔය කියපු නම්වලින් හැබැයි මම මධූෂානෙ. ඒ නිසා මධූෂා කියලම කියන්න.

මධූෂා දැන් ජනප්‍රියයි නේද?
ras-05-29-madusha1මටත් එහෙම හිතෙනවා. එළියට ගියාම ගොඩක් අය ඇවිත් මාත් එක්ක කතා කරනවා. ෆොටෝස් ගන්නවා. ඒක මට අලුත් අත්දැකීමක්. හැබැයි ඒක හරි ආසා හිතෙන හොඳ දෙයක්. ගොඩක් අය මට කතා කරන්නේ නම් මායාවි කියලා, හරි නෑනා කියලා හරි තමයි. මගේ ඇත්ත නම දන්නේ ටික දෙනයි.

“මායාවී” නිසා බැණුම් එහෙම අහලා නැද්ද?
සමහරු මාව හම්බ වුණාම අහනවා ඇයි ඔයා එහෙම කළේ, ඔයා කරපු වැඩේ වැරදියි නේද කියලත්. ඒත් ඉතිං ඒ මම නමෛයිනේ. රඟපාන්න තියෙන දේ තමයි මම කළේ. කට්ටිය බණිනවා කියන්නේ මම මට කරන්න තිබුණු රඟපෑම හරියටම කරලා තියෙනවා කියන එකනේ.

ජනප්‍රියත්වය වැඩි වෙන්න ලස්සනත් හේතුවක් කියලා හිතෙනවාද?
මම හිතන්නේ ජනප්‍රියත්වයට ලස්සන, අඳින පලඳින විදියට වඩා දක්ෂකමයි තියෙන්න ඕන. දක්ෂකම්වලට කට්ටිය මුලින් කැමැති වෙන්නේ දක්ෂකම්වලට කැමැති වෙන නිසා තමයි ලස්සන ගැන අඳින පලඳින විදිය ගැන හොයන්න පටන් ගන්නේ. ලස්සන ඕන වෙන්නේ ජනප්‍රියකම පවත්වා ගන්නයි.

ඒ නිසා ලස්සන රැක ගන්නත් මධූෂා මහන්සි වෙනවා ඇති?ras-05-29-madusha3
ඇත්තටම මම සැලෝන්වලට නම් සල්ලි වියදම් කරන්නේ නැහැ. මම ලස්සනයි කියලා කියනවා නම් මගේ ලස්සනේ රහස වැඩිපුර වතුර බොන එකයි, පලතුරු කන එකයි.

මධූෂා හැමෝම දන්න කෙනෙක් වෙලා දැන් කොච්චර කල්ද?
මම වෙළෙඳ දැන්වීම්වලටයි, ගීත රූප රචනාවලටයි සම්බන්ධ වෙන්න පටන් අරගත්තේ නම් අවුරුදු තුනකට විතර කලින්. මට ඒ අවස්ථා හම්බවුණේ මම නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරපු නිසා. අදටත් මම නිරූපණ කටයුතු කරනවා.

නිරූපිකාවක් විදියට මධූෂාට වැඩි ප්‍රසිද්ධියක් තියෙන්නේ?
මට වැඩිපුරම කතා කරන්නේ මනාලියන් විදියට කරන නිරූපණ කටයුතුවලට. මේ වෙද්දී ගණන් කරන්නවත් බැරි තරම් වාරයක් මනාලියන්ට ඇඳලා ඇති.

වෙනසකටත් එක්ක ටෙලි නාට්‍යයක, චිත්‍රපටයක රඟපාන්න කැමැති නැද්ද?
පසුගිය කා‍ලේ මට ටෙලි නාට්‍යය කිහිපයකටම කතා කළා. ඒත් මට තිබුණු අනෙක් වැඩත් එක්ක මට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න වෙලාව හදා ගන්න අමාරු වුණා. ඉස්සරහට නම් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවා.

Sri Lankan Super Model Madusha Herath Photo shoot (21)මොන වගේ චරිතයක්ද රඟපාන්න කැමැති?
ලැබෙන ඕනෑම හොඳ චරිතයකට කැමැතියි. හැබැයි මම වැඩිපුර කැමැති අහිංසක පෙම්වතියක් වෙන්න.

පෙම්වතියක් වෙන්න කැමැති වුණාට මධූෂා විවාහ වෙලානේ?
ඒ මගේ ඇත්ත ජීවිතේනේ. මම විවාහ වුණේ දැනට අවුරුදු එකහමාරකට විතර කලින්.

හැබැයි ගොඩක් අය දන්නේ නැහැ නේද මධූෂා විවාහ වෙලා කියලා?
දන්නේ නැත්තෙත් නැහැ. මාත් එක්ක වැඩ කරන අය දන්නවා. මොකද මහත්තයා මගේ වැඩවලට මාත් එක්ක එනවානේ.

සැමියා ගැනත් කියමු?
සජිත හේරත්. එයා වැඩිපුර විදෙස්ගතවෙලා ඉන්නේ. ලංකාවට ආවම මගේ වැඩවලට ගොඩක් උදව් කරනවා. ගෙදර වැඩවලට පවා උදව් කරනවා.

සැමියා ලංකාවේ ඉන්න දවස්වලට මධූෂා ඔහු වෙනුවෙන් කාලය කැප කරනවත් ඇති?
පුළුවන්තරම් වැඩ අඩුකරගෙන ගෙදර ඉන්න උත්සාහ කරනවා. මට වැඩ තිබුණොත් එයා මාත් එක්ක යන්න එනවා.

කලාව වෘත්තිය කරගන්නද මධූෂා කැමැති?
මම නිරූපණ කටයුතුයි, අනෙක් කලා කටයුතුයි කරන්නේ ආසාවට, විනෝදාංශයක් විදියට විතරයි. මගේ හීනේ තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. මට ඒ හීනෙට යන්න බැරි වුණා. දැන් ඉතිං මේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.

Sri Lankan Super Model Madusha Herath Photo shoot (36)

NO COMMENTS

LEAVE A REPLY