SHARE

7කොයිතරම් ජනප්‍රිය වුවත් මව් පදවිය ඉදිරියේ ඒ ජනප්‍රිය හැඟීම දෙවැනි වෙනවාමයි. ඇය ජනප්‍රිය නිළියක්. ඒ ජනප්‍රියතාවය නිසාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට වැඩිම මනාප අරගෙන දේශපාලනයට පිවිසෙන්න ඇයට අවස්ථාව හිමි වුණා. ඒත් රඟපෑමවත්, දේශපාලනයවත් නෙමෙයි ඇගේ ජීවිතේ මුල් තැන වෙලා තියෙන්නේ පවුල් ජීවිතය. ඇය උපේක්ෂා ස්වර්ණමාලියි. මව් පදවිය ලබන්න දින ගණින ඇය ගැන තොරතුරුයි මේ.

උපේක්ෂා මේ දවස්වල දින ගණිනවා කියලා ආරංචියි, මව් පදවිය ලබන්න. ඔබ තව ටික දවසකින් මවක්. ඒ හැඟීම ගැන මුලින්ම කතා කරමු..?
මම අම්මා කෙනෙක් වෙන්නේ මගේ ආදරණීය සැමියා සමන්ත පෙරේරා නිසයි. ඒ පදවිය මට දෙන්නේ ඔහු. ඒ නිසා මම මගේ සැමියාට ස්තුතිවන්ත වෙන්න ඕන මාව සම්පූර්ණ ගැහැනියක් කළාට. මාව අද සතුටු කරන්නේ එයා. ඇත්තටම කිව්වොත් මම වාසනාවන්ත බිරිඳක්. වාසනාවන්ත අම්මා කෙනෙක් වෙන්න තව මාස පහක් විතර බලාගෙන ඉන්න වෙනවා. ඒ දවස ළංවෙන කොට හිතට දැනෙන හැඟීම පුදුමාකාරයි. සතුටුයි.

Upeksha_Swarnamali90_Picslkඋපේක්ෂා බලාපොරොත්තු වෙන්නේ දියණියක්වද, එහෙම නැත්තම් පුතණුවෙක්ද..?
දුවක් ලැබුණත්, පුතෙක් ලැබුණත් මට නම් කමක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නිරෝගී දරුවෙක්. දුවෙක් තාත්තාට ආදරේ කරනවා කියනවා. ඒ වගේම පුතෙක් අම්මට ආදරේ කරනවාලු. කොහොම කිව්වත් දෙමාපියෝ අඩුවැඩි වශයෙන් දරුවන්ට ආදරෙයි. දරුවනුත් දෙමාපියන්ට ආදරෙයි. ඒ නිසා දරුවා මොන වර්ගයේද කියලා බලන්න මට අවශ්‍ය නැහැ.

එතකොට ඔබේ සැමියා සමන්ත…?
සමන්ත දුවෙක්ට කැමැත්තෙන් ඉන්නවා කියලා තේරෙනවා. ඒත් අපිට ලැබෙන දරුවා දුවෙක් වුණත් නැතත් එයා දුක්වෙන එකක් නැහැ. අපි දෙන්නාගේ ජීවිතේ සම්පූර්ණ කරන්න එන පළමු සාමාජිකයා කවුරු වුණත් අපි දෙන්නා එයාව ආදරෙන් පිළිගන්නවා.

උපේක්ෂා කලා ක්ෂේත්‍රයේ, දේශපාලන ක්ෂේත්‍රයේ වගේම පවුල් Upeksha-swarnamali-hot-sri-lankan-actress-6
ජීවිතය තුළදීත් හැලහැප්පීම් එක්ක ජීවිතය සාර්ථක කරගත්ත කෙනෙක්. මව් පදවියත්  එක්ක ඔබේ ජීවිතේට තවත් වගකීමක් නේද එකතු වෙන්නේ..?

මව් පදවිය විතරක් නෙමෙයි. පවුල් ජීවිතය කියන්නෙත් වගකීමක්. ඒත් අපි කාටවත් ඒ වගකීම්වලින් පැනලා යන්න බැහැ. මට පුළුවන් වෙලා තියෙනවා මගේ සැමියා එක්ක සතුටින් ජීවත් වෙන්න. මම පුංචි කාලේ ඉඳලම ජීවත් වුණේ විදෙස් රටක, තාත්තා නැතුව අම්මා එක්ක විතරයි. අම්මත් කාර්යබහුල කෙනෙක්. පවුල කියන සංකල්පය මොකක්ද කියලාවත් අවබෝධයක් තිබුණ කෙනෙක් නෙමෙයි මම. ඒත් මට දැන් සමන්තගේ ගෙදරින් ඒ බැඳීම ලැබෙනවා. ඒ නිසා මම කවදාවත් මව්පදවිය හෝ පවුල් ජීවිතය වගකීම් සහිතයි කියලා ඒ ජීවිතෙන් පැනලා යන්නේ නැහැ. මගේ දරුවාට එයාගේ තාත්තා ඕන. ඒ නිසා ඒ වගකීම්වලට මම හැඩ ගැහෙනවා.

ඒ කියන්නේ උපේක්ෂා අතින් ගෘහණියකගේ යුතුකම් ඉටුවෙනවා..?
අපොයි ඔව්. ගෙදර උදව්වට කෙනෙක් හිටියත් මම ගෙදර වැඩ නොකර ඉන්නේ නැහැ. මම තමයි මගේ සැමියාගේ සියලු වැඩ කරන්නේ. මගේ සැමියා හුඟක් කාර්යබහුල කෙනෙක්. මට එයාගෙන් උදව් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ගෙදරට අවශ්‍ය දේවල් ගෙනත් දෙන්නේ එයා. මාව තනියම මාකට් යවන්නේ නැහැ.

විවාහ වුණාට පස්සේ උපේක්ෂාට කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න බැරි upeksha-swarnamali-1විදිහට සීමාවන් පැනවිලා වගේ..?
නැහැ. මම සීමාව දැනගෙන ජීවත් වෙන්නේ. සමන්තව විවාහ කරගත්තේ යෝජිත විවාහයකින්. ඒත් කවදාවත් මට නීති දාන්නේ නැහැ. මම පහුගිය කාලයේ පුංචි පුංචි නිර්මාණවලට සම්බන්ධ වුණා. ඒත් මගේ දායකත්වය දෙන්න පුළුවන් නිර්මාණ දැන් බිහිවෙන්නේ නැති නිසා හුඟක් නිර්මාණ ප්‍රතික්ෂේප කරනවා. කෙටියෙන්ම කිව්වොත් අද බිහිවෙන්නේ බහුතරයක්ම බාල නිර්මාණ. ඒ නිසයි මාව වැඩිය දකින්න නැත්තේ. එහෙම නැතුව සමන්තගේ නිතීරිති කියලා හිතන එක නම් වැරදියි. අපි දෙන්නත් රණ්ඩුවෙන අවස්ථා තියෙනවා. ඒත් කවදාවත් අපි තරහා වෙලා ඉන්නේ නැහැ. මට එයා නැතුව දැන් ඉන්න අමාරුයි. ඒ තරම් අපි දෙන්නා අතර තියෙන බැඳීම ශක්තිමත්.

මව් පදවියෙන් පස්සෙත් උපේක්ෂාව නිර්මාණවලින් දකින්න ලැබෙයිද…?
මම ආසයි දිගටම රඟපාන්න. ඒත් දරුවා ලැබුණට පස්සේ එයත් එක්ක ටික කාලයක් ඉන්න ඕන. බලමු පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා. ලබන රිදී රැයක් ප්‍රසංගයට මට ආසයි නර්තනයේ යෙදෙන්න. මම නිරෝගිව හිටියොත් සම්බන්ධ වෙනවා.

දේශපාලනය අතහැරෙයිද..?
දේශපාලනය කරන්න තිබුණත් එකයි නැතත් එකයි. මම ඒ ගැන හිතන්නේ නැහැ. මට දේශපාලනයට එන්න වුණේ මගේ කැමැත්තෙන් නෙමෙයිනේ. ඒ නිසා ඊට වඩා මට මගේ දරුවාවයි, සැමියාවයි, පවුලයි වටිනවා.

දේශපාලනය නිසා උපේක්ෂාට රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක වෙන්න බැරි වුණා කිව්වොත්…?
ඒක තමයි ඇත්තම කතාව. දේශපාලනයට ආ කලා ශිල්පීන් හැමෝම කලාවෙන් පරිණත වුණාට පස්සේ දේශපාලනයට පිවිසුණේ. ඒත් මම රංගනයට ඇවිත් ටික කාලයකින් දේශපාලනයට සම්බන්ධ වුණා. දේශපාලනය නිසා එදාට වඩා අද මම සමාජ දැනුමෙන් පරිපූර්ණයි. ඒත් මම දුක් වෙනවා දේශපාලනයට ආව නිසා තමයි මට රංගනයට හරි දෙයක් කරන්න බැරි වුණේ කියලා. ඒ පසුතැවිම සදාකාලික වෙයිද දන්නේ නැහැ.

අලුත් නිර්මාණ කටයුතු ගැන කිව්වොත්..?
මේ දවස්වල නම් විවේක සුවයෙන් කාලය ගත කරනවා. ඒත් රූගත කළ නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී මාව දකින්න පුළුවන්. මායා හා සින්ඩේ‍රල්ලා දෙක චිත්‍රපටය වගේම රශ්මි කියන නිර්මාණය.

මායා කියන්නේ දමිළ චිත්‍රපටයක් වන කාංචනා චිත්‍රපටයේ upeksha-swarnamali-at-meevithaඅනුවාදයක්… මායා චිත්‍රපටයේ චරිතයට පණපොවන්න කලින් ඒ චිත්‍රපටය නැරඹුවාද..?
මායා චිත්‍රපටයට සම්බන්ධ වුණ හැමෝම දමිළ චිත්‍රපටය නැරඹුවා. ඇත්තටම කිව්වොත් මම ත්‍රාසජනක චිත්‍රපට නරඹන්න බය කෙනෙක්. ඒත් ඒ චිත්‍රපටය නරඹලා මායා චිත්‍රපටයේත් රඟපෑවා. මේක රූපගත කළේ අවුරුදු තුනකට විතර කලින්. ළඟදීම තිරගත වෙනවා. පළමු ත්‍රීඩී අත්දැකීම විදිහට.  පුබුදු චතුරංග තමයි එහි කතාව දමිළ බසට පරිවර්තනය කළේ. මගේ රංගන ජීවිතේ වෙනස්ම රංගනයක් නිසා එයට මාව සම්බන්ධ කරගත්ත නිෂ්පාදක සුරේෂ් කුමාර් මහතාට වගේම අධ්‍යක්ෂතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන.

උපෙක්ෂා, බලාපොරොත්තු වුණ තරම් සින්ඩේ‍රල්ලා ජනතාව වැලඳ ගත්තේ නැහැ නේද… ඒ ඉරණම ම අත් වෙයිද සින්ඩේ‍රල්ලා දෙකටත්..?
සින්ඩේ‍රල්ලා චිත්‍රපටය එහි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය හිතපු තරම්ම නම් ජනප්‍රිය වුණේ නැහැ. කතාබහට ලක් වෙයි කියලා මමත් හිතුවා. කොහොම වුණත් මට ලැබුණු ප්‍රතිචාර ගැන නම් මම සතුටු වෙනවා. මගේ රංගනය ඒ විදිහට වෙනස් විදිහට දැක ගන්න පුළුවන් වුණේ ඇය නිසයි. කොහොම වුණත් දෙවැනි කොටස ජනතාව කොයි විදිහට භාර ගනිවිද කියලා දැන්ම කියන්න අමාරුයි. ඇත්තටම කිව්වොත් මමත් තවම දෙවැනි කොටස නරඹලා නැහැ.

NO COMMENTS

LEAVE A REPLY