SHARE

කටකාර, දඟකාර ලෝචනා ඉමාෂි මේ දවස්වල දවස් ගණිනවා කියලා ආරංචිය. බලා‍පොරොත්තුව “උසස් වීමක්” ගන්න කියනවානේ. මේ ආරංචිය දැන්නම් රහසකුත් නමෛයි. මේ ගවෛන දවස් ගැන ලෝචනාට කියන්න නම් ගොඩක් දේවල් ඇති කියලයි අපට නම් හිතුණේ.

“දවස් ගණන්කර කර ගෙදරටම වෙලා ඉන්නවා කියන්නේ ඇත්තද?”
අහලා මම ම කතාව පටන් ගත්තේ ලෝචනාගේ කටකාරකම ටිකක් හරි අඩුවෙලාද කියලා බලන්නත් එක්ක.
“ඇත්ත ගෙදරටම වෙලා තමයි ඉන්නේ. ඒකත් දවසක් දෙකක් නමෛයි, මාස ගාණක්. වෙලාවකට හරි කම්මැළියි. මට මෙහෙම ඉඳලා පුරුදු නෑනේ. මට පුරුදු ඇවිදලා, කෑගහලා, දඟලලානේ. හරි අමාරුවෙන් මෙහෙම ඉන්නේ.”

දඟකාරකම නම් ටිකක් අඩුවෙලා වගේ, කටකාරකම නම් වැඩිත් වෙලාද මන්දා. කතා කරන්න පටන් ගත්තම දිගටම කතාව.
“මට ඇත්තටම සමහර වෙලාවට අමතකත් වෙනවා, මම දැන් බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් කියලා. ‍පොඩ්ඩක් දඟලද්දී අපේ ගෙදර අය “දැන් වෙනදා වගේ බෑ’ හොඳේ’ කියලා මට නීති දානවා. බබා ලැබෙන්න හිටියා කියලා මට ලොකු අමාරුවකුත් නැහැ. මම ඒ ගැන වැඩිය හිතන්නෙත් නැහැ. ඕනෑවට වඩා හිතන්න ගියාම බබාටයි, මටයි දෙන්නටම වදයක්නේ.”
ලොකු වගකීමක් පෙනි පෙනී තියෙද්දීත් ලෝචනා හරි සැහැල්ලුවෙන්.
“අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත මොහොතේ හිතට දැනුණු ඇත්තම දේ මොකක්ද?”
“ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ලොකු සතුටක් දැනුණා. අලුත්ම අත්දැකීමක් නිසා පුංචි බයකුත් හිතට ආවා.”
හැම වෙලාවෙම ඕන තරම් වචන තියෙන ලෝචනාවත්, වචන නැතිව අතරමං කරන්න තරම් ‘අම්මා කෙනෙක් වෙනවා’ කියන හැඟීම අපූරුයි.
“ආරංචිය දැන ගත්තේ නෙදර්ලන්තෙදි?”
ආයෙත් ලෝචනාට දිග කතාවක් කියන්න ඉඩක්.
“මමයි ලසන්තයි ලංකාවට එන්න බලාගෙන ඉන්නකොට තමයි මේ ආරංචිය දැන ගත්තේ. අපි බලා‍පොරොත්තුවෙන් නොහිටපු ආරංචියකුත් නමෛයි. ලසන්ත නම් සතුටට උඩ පැන්නත් එක්ක. අපි ලංකාවට එන්න හිටපු නිසා අපි දෙන්නම කතා වුණා ගෙදර අයව පුදුම කරන්නත් එක්ක ගෙදර අයට මේ ගැන නොකියාම යමු කියලා. ඉතිං අපි දෙන්නම ඇවිත් වෙනදා වගේම ඇවිදලා, කාලා බිලා හිටියා. පස්සේ ලසන්ත ආපහු ගියා. ඒ යනකල්මත් අපි අපේ ගෙදර අයට මුකුත් කිව්වේ නැහැ.”
“ඕනෑවටත් වඩා කල් අමාරුවෙන් ඔය රහස රැක්කේ ඇයි?”
“අමාරුවෙන් තමයි නොකියා හිටියේ. හැබැයි කලින්ම කිව්වා නම් අපේ අම්මලා අපිට කොහේවත් යන්නවත් නොදී ගෙදර තියා ගනීවි කියලා හිතුණා.”
රහස රකින්න හොඳ හේතුවක් ලෝචනාට තිබිලා. හැබැයි රැකපු රහස හැමදාම හංගන්නත් බැහැනේ.<br />
“අන්තිමේ දී කොහොම හරි ගෙදර හිටපු මම නමෛයි ගෙදර අයට මේ ගැන කිව්වේ. ලසන්ත ගිහින් එහේ ඉඳගෙන කෝල් කරලා තමයි අම්මලාට කිව්වේ. ඒ වෙලාවේ ඉඳලා මම හිතපු විදියටම හැමෝම මාව ඕනාවටත් වඩා පරිස්සම් කරනවා.”
අද කියමු, හෙට කියමු කියලා කල් දම දමා හිටපු ආරංචිය කිව්වට පස්සේ ලෝචනාට ගෙදරින් ලැබුණු ආදරයත් එන්න එන්නම වැඩිවෙලා.
“මේ ගැන දැන ගත්තු දවසේ අපේ ගෙදර අය කේක් ගෙනැල්ලා, බබාලාගේ පින්තූර ගෙනැල්ලා ‍පොඩි පාටියකුත් තිබුණා. දැන් මගේ කාමරේ පුරාමත් බබාලගේ පින්තූර එල්ලලා. අපේ ගෙදර අයට හරි සතුටුයි. අපේ තාත්තාගේ පැත්තෙන් නම් පළමුවැනිම බබා තමයි මේ එන්න හදන්නේ.”
“ගෙදර අයගේ පරෙස්සම නිසා ලෝචනා ගෙදරින් එළියටවත් යන්නේ නැහැ කියන්නේ ඇත්තද?”
“මට තියෙන්නේ හරි අමුතු ලෙඩනේ. කොහේ හරි යනවා නම් මට වාහනේ ඩ්‍රයිව් කරන්න ඕන නිකම්ම වාහනවල වාඩිවෙලා යන්න මට හරි අමාරුයි. ඒ නිසා මේ දවස්වල ගෙදරම තමයි. හැබැයි වෙලාවකට හරි කම්මැළියි. එහෙම වෙලාවට ෆිල්ම් බලන එක තමයි කරන්නේ ෆිල්ම් බලද්දිත් හරි නීති. ෆයිට් තියෙන, දුක හිතෙන ෆිල්ම් බලන්න ගෙදරින් මට තහනම් කරලා තියෙන්නේ.”
ලෝචනාට තහංචි ගොඩක්
“ගෙදර අයගේ තහංචි මැද්දේ අමාරුම තහංචිය මොකක්ද?
“කට පරිස්සම් කරගන්න එක තමයි ඉතිං.” හිතපු උත්තරේම ලෝචනාගෙන් හම්බ වුණා.
“මම ආසා කෑම ගොඩක් මට මේ දවස්වල තහනම් වෙලා. මේ දවස්වල රඹුටන් වගේ දේවල් ගොඩයිනේ. ඒත් ගෙදර අය මට ඒවා කන්න දෙන්නේ නැහැ. ඒ අය කියන එකත් ඇත්ත තමයි, මං ගැන විතරක් හිතලම හරියන්නෙත් නැහැනේ.”
දැන් ලෝචනාගේ පෙනුමත් ටිකක් වෙනස් වෙලා වගේ නේද?”
“මාව මහත්වෙලා. මම හිතුවෙවත් නැති තරම් මහත්වෙලා. කමක් නෑ. බබා ලැබුණම හරියයිනේ.” ලෝචනා කතා කරන්නේ පුදුම තරම් සතුටින්.
“ලසන්ත මොකද කියන්නේ දැන්”
“අපි ඉන්නේ රටවල් දෙකක වුණාට තාක්ෂණයේ පිහිටෙන් දුර ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ. මම හැමදාම ෆොටෝ යවනවා. කතා කරනවා. සමහර වෙලාවට නම් ලසන්තත් කියනවා මම මහත්වෙලා කියලා. එයා හැම වෙලාවෙම ගෙදරටත් කතා කරලා මං ගැන හොයනවා. මට ඕන දේවල් එවනවා.”
“බබා ලැබෙද්දී ලසන්තත් ළඟ ඉඳීවී නේද?”
“එයා දැන් තියාම ලෑස්ති වෙනවා බබා ලැබෙන කාලෙට ලංකාවට එන්න. මම හැමදාම හැමදේම කියනවානේ. ඒ නිසා එයාටත් ආස ඇති. බබා දඟලනවා මුලින්ම දැනුණු දවසෙත් මම මුලින්ම කිවවේ එයාට. එදා නම් මටත් ඇඬුණා. ඒක හරි පුදුම හැඟීමක්. දැන් නම් බබාගේ දැඟලිල්ල පුරුදුයි. අපේ බබා දඟ බබෙක්. දඟ වෙන්නත් එපැයි. මගේ බබානේ.”
“ඔය දඟ බබා දුවෙක් වුණොත් ලෝචනා වගේම වෙයි නේද?”
“ලසන්ත කැමැතිත් දුවෙකුට. කවුරු වුණත් අපේනේ. හැබැයි මම නම් කැමැති කවුරු වුණත් මගේ කටයි, ලසන්තගේ මොළෙයි එයාට හම්බ වෙනවට. හැබැයි එතකොට ලසන්තට එක වගේම කටවල් දෙකක සද්දෙට හුරු වෙන්න වෙනවා. හැබැයි මම හදලා දීපු කෑම අමාරුවෙන් කකා හිටපු එයාට ඒකත් එච්චර අමාරු වෙන එකක් නැහැ.”
මේ නම් පුරුදු කටකාර ලෝචනාමයි.
“බබා ලැබුණාම ආයේ නෙදර්ලන්තේ යනවද?
“බබාව ටිකක් මට හුරු වුණාම යනවා. බබා එක්ක ගියාම මට එහේ ඉන්න පාලුත් නැති වෙයි. මම දැන් ගෙදර ඉන්න නිසා බය නැතිව වීරයා වගේ හිටියට මේ වගකීම ගැන ‍පොඩි බයකුත් තියෙනවා. අලුත්නේ. හැබැයි ආසයි. අලුතෙන් අපේ ජීවිතවලට එන කෙනා අපේ ජීවිත තව ලස්සන කරාවි.”
ලෝචනා අලුත් අමුත්තා ගැන මැවෙන හීන අතරේ අතරමං වෙලා. දඟකාර, කටකාර ලෝචනා වෙනුවට ආදරණීය අම්මෙක් මතුවෙලා. ඇගේ හීන අතර ඈට තනිවෙන්න ඇරලා අපි ඇගෙන් සමුගත්තේ ඇගේ හීනවලට සුබ පතන ගමන්.

lochana005 lochana003

NO COMMENTS

LEAVE A REPLY